Wednesday, June 27, 2012

DriverPack Solution 11

ඔන්න අද මම කියන්න යන්නේ තවත් ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන.. අපි Computer එක format කලාට පස්සේ කරන ඊලග වැඩේ තමා Drivers install කරන එක.හැබැයි මේ වෙලාවට Drivers CD එක නැති වෙලා තිබ්බොත් අපිට ඔක්කොම එපා වෙනවා නේද.. ඊළගට ඉතින් Drivers හොයල Download කරලා Install කරනවා කියන්නේ එපාවෙන වැඩක් නේ.අනික තියන Drivers වල Updates දාගන්නත් ඕන වෙනවනේ සමහර වෙලාවට.

ඔන්න ඉතින් අද මම කියන්න යන්නේ මේ ඔක්කොම එකම තැනකින් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන..මේක අන්තර්ජාලයේ නොමිලේ බාගත කරගන්න පුළුවන් එකක්. ඒ තමා DriverPack Solution කියන්නේ.මමත් මගේ laptop Drivers ගන්නේ මේක හරහා තමා. හරිම ලේසි වැඩක් තියෙන්නේ.
මේක ඉස්සෙල්ලම අන්තර්ජලයෙන් බාගත කරනගෙන ඊට පස්සේ dvd image විදිහට හරි නැත්නම් DVD එකකට write කරගෙන හරි අපිට පාවිච්චි කරන්න පුළුවන් හරිම ලේසියෙන්.
අපිට කරන්න තියෙන්නේ DriverPack Solution එකට autorun වෙන්න දෙන එක විතරයි ඊටපස්සේ එයා ඕන  කරන drivers search කරලා දෙනවා අපිට තියෙන්නේ install කරන්න කියන එක විතරි ඊටපස්සේ උවමන කරන drivers ඔක්කොම ඉන්ස්ටල්ල් වෙනවා විනාඩි කීපයක් ඇතුලත.. බැරිවෙලාවත් ඕන කරන drivers අපි බාගත කරගත්ත Pack එකේ නැත්නම් එයා internet එකෙන් හොයල හරි අපට දෙනවා එක ලොකු වාසියක් අපේ කරලා ඉතුරු කරගන්න.

ඔයාලට පහල දල තියන link එකෙන් DriverPack Solution 12.3 download කරගන්න පුලුඅවන්.
මේකෙන් Drivers update කරන්න අලුත් Drivers install කරන්න ලේසියෙන්ම පුළුවන් මේක බාවිතයට හරිම ලේසි software එකක් download  කරගෙනම බලන්න ඔයාලගේ Drivers කරදරේට හොද විසදුමක් මේක..
මම හිතනවා මේකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල.. මේකේ බලල යනගමන් පහලින් comment එකකුත් දල යනවද..මේ post එක ගැන..
මම අයෙත් මේ වගේ රසවත් ප්‍රයෝජනවත් දෙයක් ගේන්නම් එතකන් සුබ දවසක් ඔයාල හැමෝටම..

Monday, June 18, 2012

wnidows XP නොමිලේ..

කොච්චර උනත් අපට ඉතින් windows XP තමා හරියනම එක කියල හිතන අය තවත් ඉන්නවා කියල පුදුම වෙන්න ඕන නෑ නේ..මොකද ඉතින් windows XP අපිට බාවිතා කරලා හුරු පුරුදු එකක්නේ එක.. සමහර අය XP වලින් වෙන එකකට මාරු වෙනවා කියල හිතන්නෙත් නැනේ.. මම නම් ඉතින් දැන් බාවිතා කරන්නේ නෑ..මමත් ඉතින් ද පාවිච්චි නොකලට හොද windows XP රසිකයෙක් තමා .. කොහොම උනත් බාවිතා කරන අයට සුබ ආරංචියක් තමා මම දැන් කියන්න හදන්නේ..ඔන්න ඉතින් දැන් මම ඒ ගැන කියන්නම්කො.

Microsoft සමාගම තීරණය කරලා තියනව නොමිලේ windows XP SP3 ලබාදෙන්න ඒ වගේම SP1,SP3 කියන සංස්කරණ අපට ඒගොල්ලන්ගේ official website එකෙන් download කරගන්නත් අවකාශය ලබාදීලා තියනවා.. ඒ ගොල්ලෝ කියන විදිහට ඒ ගොල්ලන්ගේ නිෂ්පාදනය අපිට නොමිලේ තම ලබාදෙන්නේ.ගෙදරට ගෙන්න ගැනීමේදී අපට shipping ගාස්තු ගෙවන්නම් සිද්දවෙනවා කියල තම කියල තියෙන්නේ. සති 1-3 අතර කාලයක යාව  කියලත් සදහන් කරලා තියනව අපිට කරන්න තියෙන්නේ අපේ තොරතුරු ලබා දෙන්න.. ඊටපස්සේ අපට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

ඔයාල windows XP SP3 download කරනවානම් ඒ ගැන සම්පුර්න විස්තරයක් මෙතනින් ලබාගැන පුළුවන් ඒ වගේම download කරගන්නත් පුළුවන්.

Windows XP Service Pack 3.

ඒ වගේම ඔයාල එක ගෙදරටම ගෙන්න ගන්න අදහසක් තියනවාම් ලීසියෙන්ම එකත් පහල ලින්ක් එකෙන් කරගන්න පුළුවන්.

Shipping and Delivery

 මම හිතනවා ඔයාලට මම අද ගෙනාපු දේ තුලින් හොද වැඩක් සිද්ද උන කියල.. මම තවත් දේවල් අරගෙන අයත් එන්නම්.
ඔන්න ඉතින් අදට මම ගෙනාපු ටික ඉවරයි. අයෙත් මම තවත් දෙයක් අරගෙන එනකන් සුබදවසක්.