Wednesday, June 27, 2012

DriverPack Solution 11

ඔන්න අද මම කියන්න යන්නේ තවත් ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන.. අපි Computer එක format කලාට පස්සේ කරන ඊලග වැඩේ තමා Drivers install කරන එක.හැබැයි මේ වෙලාවට Drivers CD එක නැති වෙලා තිබ්බොත් අපිට ඔක්කොම එපා වෙනවා නේද.. ඊළගට ඉතින් Drivers හොයල Download කරලා Install කරනවා කියන්නේ එපාවෙන වැඩක් නේ.අනික තියන Drivers වල Updates දාගන්නත් ඕන වෙනවනේ සමහර වෙලාවට.

ඔන්න ඉතින් අද මම කියන්න යන්නේ මේ ඔක්කොම එකම තැනකින් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන..මේක අන්තර්ජාලයේ නොමිලේ බාගත කරගන්න පුළුවන් එකක්. ඒ තමා DriverPack Solution කියන්නේ.මමත් මගේ laptop Drivers ගන්නේ මේක හරහා තමා. හරිම ලේසි වැඩක් තියෙන්නේ.
මේක ඉස්සෙල්ලම අන්තර්ජලයෙන් බාගත කරනගෙන ඊට පස්සේ dvd image විදිහට හරි නැත්නම් DVD එකකට write කරගෙන හරි අපිට පාවිච්චි කරන්න පුළුවන් හරිම ලේසියෙන්.
අපිට කරන්න තියෙන්නේ DriverPack Solution එකට autorun වෙන්න දෙන එක විතරයි ඊටපස්සේ එයා ඕන  කරන drivers search කරලා දෙනවා අපිට තියෙන්නේ install කරන්න කියන එක විතරි ඊටපස්සේ උවමන කරන drivers ඔක්කොම ඉන්ස්ටල්ල් වෙනවා විනාඩි කීපයක් ඇතුලත.. බැරිවෙලාවත් ඕන කරන drivers අපි බාගත කරගත්ත Pack එකේ නැත්නම් එයා internet එකෙන් හොයල හරි අපට දෙනවා එක ලොකු වාසියක් අපේ කරලා ඉතුරු කරගන්න.

ඔයාලට පහල දල තියන link එකෙන් DriverPack Solution 12.3 download කරගන්න පුලුඅවන්.
මේකෙන් Drivers update කරන්න අලුත් Drivers install කරන්න ලේසියෙන්ම පුළුවන් මේක බාවිතයට හරිම ලේසි software එකක් download  කරගෙනම බලන්න ඔයාලගේ Drivers කරදරේට හොද විසදුමක් මේක..
මම හිතනවා මේකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල.. මේකේ බලල යනගමන් පහලින් comment එකකුත් දල යනවද..මේ post එක ගැන..
මම අයෙත් මේ වගේ රසවත් ප්‍රයෝජනවත් දෙයක් ගේන්නම් එතකන් සුබ දවසක් ඔයාල හැමෝටම..